Wednesday, November 5, 2014

තාලය නොදත් ගීතය


තාලය නොදනිමි මම
තවමත්
ජීවිතය නමැති
ගීතාවලියේ

තාලය සොයාගනු වස්
සොයා ගතිමි දෙව්දුවක්
සුරඟනක් බඳු වූ.........

Tuesday, November 4, 2014

අකීකරු කෙස් රොද



ඔබේ දිගු කෙස් වැටිය
පිටුපසට කර බැන්ද විට
මුහුණට නැගෙන සිරියාව
අලංකාරය
කෙසේ විස්තර කරම්ද

සුලං රැල්ලට හසුව
ඔබේ නළලතට වැටෙන
අකීකරු කෙස් රොදට
මම කෙතරම් ආදරේද

ඔය කෙස් රොද
මගේම කර ගනිමි
කෙදින හෝ

එදිනට
ඔය අකීකරු කෙස් රොද
මගේමය
මගේමය

Sunday, November 2, 2014

හුදෙකලාව


හුදෙකලාය
පාලුය
තොටියාගේ සිතට

කරගැට විත් ඇත
දෑත් වල
හබලෙහි රලු ස්පර්ශයට

දිය කඳ රලුය
ගතට වෙහෙසය
දකිනු රිසියෙහි
තොටුපලක්
වෙහෙස නිවා ගැන්මට

දිටිමි තොටුපලක්
එක් ඉර බස්නා
යාමයක

කිසිවෙකුත් නොසිටියෙමි
දුක බෙදා ගැන්මට

එනමුදු කුමක් කරම්ද
දුක දරා ගනු මිසක

තනිකමය උරුම
තොටියාට

තොටියා

තොටියා.......................
දිය කඳ සමග පොර බදන
තොටියා......................

................................................................................................................................


රුදුරුයි දිය කඳ 
හිතනවට වැඩිය
තෙහෙට්ටුයි ඇඟට 
කිසිවෙකුට නොපෙනුනාට

දුටුවෙමි තොටුපලක්
නොසිතූ වෙලාවක
සිත්වුණි මදක් 
නැවතී යන්න
නිවාගන්න ගතෙහි වෙහෙස
මදක්

ගොඩ වුණු නමුත්
තොටුපලට
හුදෙකලාය තොටුපල

නොදැනිනි වෙනසක් නමුදු

හුදෙකලාය තොටියාගේ 
හදවතද